4.9 C
London
Friday, April 26, 2024

13th January is Not an Appropriate for Date for Pope’s Visit, says Bishop of Anuradhapura

[Pope’s visit has become a political issue in the upcoming election]

Bishop Norbert Andradi of Anuradhapura has expressed the private opinion that the tense period following the release of Presidential election results is not a suitable time for the Pope to visit Sri Lanka.

Bishop Andradi states that he is of such opinion because of the proclamation of the Presidential election on 08thJanuary at a time when all arrangements are in place for the visit of the Pope on 13th January.

Further, Bishop Andradi has mentioned that those in authority must consider whether the period of announcement of election results is conducive for the Pope’s visit, and that in his view it is definitely not the suitable time for such an event to take place.

Bishop Andradi added that several Bishops in the Catholic Bishops’ Conference are of a similar view. He further expressed his displeasure over the use of the Pope’s image in campaign posters by certain politicians and their supporters.
Unofficial translation

http://www.divaina.com/2014/12/15/news10.html (Full Sinhalese version below)
පාප්වහන්සේ 13 වැනිදා සැපත්වීම සුදුසු නැහැ

අනුරාධපුර රදගුරුතුමා පවසයි

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වී රටේ මැතිවරණ උණුසුමක්‌ පවතින අවස්‌ථාවක පාප්වහන්සේ ශ්‍රී ලංකාවට සැපැත්වීම සුදුසු නොවන බව තම පෞද්ගලික අදහස යෑයි අනුරාධපුර රදගුරු නෝබට්‌ අන්ද්‍රdදි පියතුමා පවසයි.

ලබන මස 13 වැනිදා පාප්වහන්සේ මෙරටට සැපැත්වීම නිමිත්තෙන් ඊට අදාළ සංවිධාන කටයුතු කල්වේලා ඇතිව සූදානම් කර තිබියදී ලබන මස 08 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වීමට තීරණය කිරීම නිසා තමන් මෙම අදහස දරන බව ද අගරදගුරුතුමා පැවසීය.

එසේම ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වී මැතිවරණ උණුසුමක්‌ පවතින වකවානුවක පාප්වහන්සේ සැපැත්වීම කොතෙක්‌ දුරට සුදුසුද යන්න වගකිවයුත්තන්ගේ අවධානය යොමුවිය යුතු කාරණයක්‌ බවත් එවැනි අවස්‌ථාවක පාප්වහන්සේ මෙරටට සැපැත්වීම සිදු නොවිය යුතුය යන්න තමන් වහන්සේ දරන අදහස බවත් අනුරාධපුර රදගුරු නෝබට්‌ අන්ද්‍රdදි පියතුමා පැවසීය.

මේ අතර මේ සම්බන්ධයෙන් රදගුරු මණ්‌ඩලයේ රදගුරුතුමන්ලා බොහෝ දෙනකුගේ අදහස මෙය වී ඇති බවත් අනුරාධපුර අගරදතුමා කීවේය.

ඇතැම් දේශපාලනඥයන් හා ඔවුන්ගේ ආධාරකරුවන් විසින් ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රචාරක පුවරු සඳහා ද පාප්වහන්සේගේ රුව යොදාගෙන තිබීම සම්බන්ධයෙන් ද සිය බලවත් අප්‍රසාදය පළකරන බවත් නෝබට්‌ අන්ද්‍රdදි අගරදගුරුතුමා වැඩිදුරටත් පැවසීය.

Archive

Latest news

Related news